රට සෝමාලියාවටත් වඩා පහළට ?

Share

රටේ ආර්ථිකය කඩාවට්ටා රට සෝමාලියාවටත් වඩා පහතට ඇද දැමීමට මෙම ආණ්ඩුව කටයුතු කර ඇතැයි ගරු විපක්ෂට නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

ඊයේ (01) පෙරවරුවේ කෝට්ටේ මහනගර සභා ශ්‍රවනාගාරයේදී පැවති සංඛේතාත්මක ඒකාබද්ධ මැයි දින උත්සවයේදී ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයට මැයි දිනයේ සැමරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

“ලෝක කම්කරු දිනය සැමරීමට අපට මෙන්ම වාමාංශික දේශපාලන පක්ෂැවලට අයිතියක් තියෙනවා. යූ එන් පී එකට මැයි දිනය සැමරීමට අවශ්යනතාවයක් නැහැ. ඒ නිසා ඔවුන් ඕනෑම අවස්ථාවක ලෑස්තියි මැයි දිනය තහනම් කරන්න.”
යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

රට දැවැන්ත ආර්ථික ආගාධයක් වෙත වත්මන් ආණ්ඩුව විසින් ඇඳ දමා ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“මේ ආණ්ඩුව හරියට කළේ ලයිට් කපපු එකයි, මිල සූත්ර්යක් ගෙනත් තෙල් මිල වැඩි කළ එකයි විතරයි. මේ දෙක ඇරෙන්න මේ ආණ්ඩුව රටට මොනවද කළේ.

මේ ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැහැ. මිනිස්සුන්ට මොනවා වුනත් කමක් නැහැ. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ සුඛවිහරණය ගැන විතරයි.

ඔවුන්ගේ එකම කාර්ය වී තිබෙන්නේ පළිගැනීමයි. ආණ්ඩුව බුද්ධි අංශ යෙදවූයේ අපි යන එන තැන් කන බොන දේවල් ගැන සෙවීමටයි. ඒකයි මේ තත්වයට මුල.

බෝම්බ පිපිරුණේ අපි දින පනස්දෙකක් ආණ්ඩු කළ නිසාලු. අපි පාලනය කළා නම් මේ දවස් ටිකේ ප්‍රශ්නය ඉවරයි. මැතිවරණය තිබුණානම් අලුත් ආණ්ඩුවක් පත්වෙලා පැහැදිලිවම අපි ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරනවා. ඒක ස්ථිරයි. ජනතාවට ඒ විශ්වාසය තියෙනවා.

හැම ජනතාවටම බියෙන් ජීවත්වීමට සිදුවෙලා තියෙන්නෙ. කම්කරුවට, ටැක්සි රියදුරෙකුට, ත්‍රීවීල් රියදුරෙකුට, දෛයිනික පඩි ගන්න කෙනෙකුට, මේසන් බාස්ට, වඩුබාස්ට වැඩට යන්න විදියක් නෑ.

ඊළඟ දවසෙ ජීවත් වෙන විදිය ඒ මිනිසුන් දන්නෙ නැහැ. එවැනි තත්වයකට මේ ආණ්ඩුව රට පත්කළා. මේ ආණ්ඩුව මේකට වගකිව යුතුයි.”

“වත්මන් ආණ්ඩුව විසින් කම්කරු අයිතීන් එකින් එක උදුරා ගනු ලබන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

මේ ආණ්ඩුව කම්කරු අයිතිවාසිකම් එකින් එක උදුරා ගන්නවා. ප්‍රති ත්‍රස්ත පනත ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන පනතක්.

අපේ විරෝධය නිසයි මේ පනත සම්මත කර ගැනීමට තාමත් මේ ආණ්ඩුවට නොහැකි වී තිබෙන්නේ. ජනතාව මේ ගැන ක්‍රියාත්මක විය යුතුයි.”

“කම්කරු අයිතීන් සුරකිමු, ත්‍රස්වාදය පරදවමු, ජාතික සමඟිය ගොඩනගමු.” යන තේමාව යටතේ පැවති එම මැයි දින උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් වන දිනේෂ් ගුණවර්වධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ගාමිණි ලොකුගේ, උදය ගම්මන්පිළ ඇතුලු පිරිසක් එක් විය.

Read more

Local News