වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ උඩ කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(02) උදැසන 10 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇත.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු කාන්තාවන් 13 දෙනෙකු සහ එක් පිරිමි අයෙකු රෝහල වෙත ඇතුලත් කර නේවාසික
ප්‍රතිකාර ලබන බවයි බගන්තලාව ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

තේ වතුයායේ උස ගසක් මත බැද තිබු බඹර කුඩුවක පැණි වදය කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තේ වතුයායේ වැඩ කරමින් සිටි තමන් බඹරුන් පහර දුන් බවයි ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවක් කියා සිටියේ.

බඹර ප්‍රහාර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News