සහරාන් හෂීන් සමග මම සම්බන්ධ නෑ

Share

ජාතික තවුහීද් ජමාත්  සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීන් සමග හෝ එහි අන්තවාදි සංවිධාන සමග කිසිදු සම්බන්ධයක්  නොමැති බවත්, එම සංවිධානය සිදුකළ  මරාගෙන මැරෙන  ප්‍රහාරයන්ට  තමන්ව ඈඳාගෙන කරන සියලු චෝදනා  ප්‍රතික්ෂේප කරන බවත් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ, පසුගියදා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම  සිවිල් සංවිධානය  ප්‍රකාශ නිකුත් කරමින් මම මේ අයව පෝෂණ කළ බව කියා තිබුණා. කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය කියා තිබුණා සහරාන්ගේ  පල්ලියට 15වතාවක් මම ගියා කියලා. ඒ සියල්ල මම ප්‍රතික්ෂේප කරනවා. මම සහරාන්ගේ විරුද්ධවාදියෙක්. 2015දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සහරාන් ඇතුළු කණ්ඩායම මාව පරාජය කරන්න උත්සාහ කළා. ඔවුන් මට ඡන්දය දෙන්න එපා කිව්වා. ඔවුන් නිසා මා පරාජය වුණා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තා.

මේ ප්‍රහාරය එල්ලවු අවස්ථාවේ  මැලේසියානු වෙබ් අඩවියක් කතා කළා. ප්‍රහාරය ගැන ඇහැව්වාම මම කිව්වා  කවුද කළේ  දන්නේ නැහැ. කියන්න දින දෙක තුනක් යනවා කියලා. ඒක වැරදි විදිහට වෙබ් අඩවියේ පළ කළා. මම කිසිවිටකත් මේ ප්‍රහාරය කළේ ජාතික තවුහීද් ජමාත්  සංවිධානය කළ නැති බව කිව්වේ නැහැ. ඒ වගේම මම කිව්වා බොදුබල සේනාවේ ක්‍රියාකාරකම් නවත්වන්න කියලා. ඒ වගේම එදා මම කිව්වා අන්තවාදීන්ට ඉඩදෙන්න එපා කියලා. එහෙම වුනොත් රට විනාශ වේවි කියලා.” යැයි පවසා සිටියේය.

Read more

Local News