මුහුදු රළ ඉහළට – අවධානයෙන් ඉන්න

Share

මන්නාරම සිට කොළඹ හා ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මුහුදු රළ මීටර් 2.5-3.5 ක් පමණ ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

ධීවර හා නාවික ප්‍රජාව සහ ආසන්න වෙරළ බඩ ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද කාලගුණ අංශ පවසයි.

මේ අතර, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, පවතින ෆොනී සුළි කුණාටුව යාපනයට කි.මී.750 පමණ දුරින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි.

මේ හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවත් තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට අපේක්ෂා කරයි.

Read more

Local News