සෝදිසියෙන් සුදු පැහැති කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ 2ක් අත්අඩංගුවට

Share

අනුරාධපුර නගරයේදී වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී සුදු පැහැති කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසය පැවසීය.

මෙම වෑන් රථය තිහාරිය ප්‍රදේශයේ සිට පැමිණි ඇති බව වාර්තා වෙයි.

පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ වෑන් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී  පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් කට්ටල 36 සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් බව වාර්තා වෙයි.

අදාළ ඇඳුම් තොගය සයින්දමරුදු ප්‍රදේශයේ තිබී සොයාගත් සුදු ඇඳුම්වලට සමානදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදු පරික්ෂණ අනුරාධපුර පොලීසි වැඩිදු විමර්ශන සිදු කරයි.

Read more

Local News