රාජිතගෙන්, ගම්මන්පිලට එරෙහිව ලිඛිත සාක්ෂි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තමන් කළ ප්‍රකාශයට එරෙහිව එන්තරවාසියක් යොමු කරන බව ප්‍රකාශ කර ඇති බව මාධ්‍යයේ පළ වුව ද අධිකරණය ඉදිරියේ ඊට අදාල ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරිමට තමන් සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ නියෝජිතයින් කුරාණය සිංහල භාෂාවට පරිවර්ථනය කිරීමෙන් පසු තමන්ට ද පිරිනැමීම සදහා පැමිණි බවත්, එය බාර ගත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එම භාෂා පරිවර්තනය ඇමැතිවරුන් රැසකට සහ දේශපාලනඥයින් රැසකට ද ලබාදී ඇත.

උදයගම්මන්පිල මහතාගේ ජාතික චින්තනය මැද වෙනත් දේශපාලන පක්ෂ මනුෂ්‍ය ඝාතන සිදු කළ බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මූලධර්මවාදය නිසා ත්‍රස්තවාදය ද බිහි වන බව සිහිපත් කළේය.

ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතාවක් පැවැත් වූ බවට රාජිත සේනාරත්න මහතා පැවසු දෙය අසත්‍යයක් බවත් තමාට කළ අපහාසයට වන්දි ඉල්ලා රුපියල් මිලියන 500 ක එන්තරවාසියක් අමාත්‍යවරයාට යැවීමට බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ(01) පවසා සිටියේය.

Read more

Local News