යුද්ධ හමුදාවෙන් දැන්වූ වැදගත් කරුණු මෙන්න

Share

රටේ වත්මන් වාතාවරණයට අනුව ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පෙන්වා දෙයි.

ඒ අනුව පුරවැසියන් ලෙස සිතට ගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පහත දක්වා තිබේ.

•සැක කටයුතු වාහන හා පාර්සල්වලින් හැකිතරම් ඉවත් වන්න
•සැකකටයුතු සිදුවීම් ළඟම ඇති හමුදා කඳවුරට හෝ පොලිස් ස්ථානවලට වාර්තා කරන්න
•ආරක්ෂක අංශ වෙතින් සිදුකරනු ලබන හදිසි පරික්ෂාකිරීම් සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්න
•අනවශ්‍යය ලෙස කලබල ඇති නොකර තැනට උචිත පරිදි ක්රි යාකරන්න
•අවට සිටින අනෙකුත් අයව සැකකටයුතු දේ පිළිබඳ අදාළ අංශ දැනුම්වත් කරන්න
•වැඩිදියුණු කළ විද්යුවත් පරිපථ සම්බන්ධ උපරකණ අල්ලන්න එපා
•සැකකටයුතු පාර්සල් ලිහා ඒවා පරික්ෂා කරන්න එපා
•සැකකටයුතු දේවල් අවට රැස්වන්න එපා
•බෝම්බ නිෂ්ක්‍රීය අංශ පැමිණ පරික්ෂණ කරන විට ඒවායේ ඡායාරූප ගන්න එපා
•බෝම්බයක් පුපරා ගිය පසු එය නරඹන්න යන්න එපා
•ආරක්ෂක අංශ සිදුකරන හදිසි සෝදිසි කිරීම් ගැන සමාජ මාධ්‍යයේ තොරතුරු පළ කරන්න එපා

මේ අතර පාසල් සිසුන්ට දැනුවත් කිරීම සඳහා ද යුද හමුදාව විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

ඒ අනුව,
•පාසැලේදී සහ ඉන් පිටතදී අවධානයෙන් කටයුතු කරන්න
•නොදන්නා අය ඔබට දෙන කිසිදු පාර්සලයක් ගන්න එපා
•ඔබ ගමන් කරන මාර්ගයේ හා අවට තිබෙන අයිතිකරුවන් නොමැති තෑගි පාර්සල්, සෙල්ලම් බඩු ආහාර මලු අල්ලන්න යන්න එපා
•සැක සිතෙන පාර්සල්, බෑග් හා පුද්ගලයින් ගැන ඉක්මනින් ගුරුවරුන් සහ වැඩිහිටියන් දැනුම්වත් කරන්න
•සෙනඟ ගැවසෙන ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වන්න
•බස්රථවල තිබෙන තමන්ට අයත් නොවන පාර්සල් හා බෑග් අල්න්න යන්න එපා
•පාසල  නිම වී හැකි ඉක්මනින් දෙමාපියන් හෝ භාරකරු සමඟින් නිවෙස් කරා පියනඟන්න
•අවදානම් සහිත තොරතුරු පිළිබඳ දැනුම්වත් වී ඒ ගැන විමසිල්ලෙන් සිටින්න
•සැක සිතෙන පාර්සල් හා වාහන පරික්ෂා කරන ස්ථාන අවට ගැවසීමෙන් වලකින්න
•පාසල නිම වූ පසු ගේට්ටුව අසළ එක්රොක් වෙන්න එපා
දක්වා තිබේ.

මෙම කරුණු පිළිබඳව සාමාන්‍ය ජනතාව මෙන්ම පාසල් දරුවන්ද දැඩි අවධානයකින් පසුවිය යුතු බව ද ආරක්ෂක අංශ තවදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News