ජයිෂ්-ඉ-මොහොමඩ් නායක මසූඩ් අස්හාර් UN ත්‍රස්ත ලැයිස්තුවට

Share

ජයිෂ්-ඉ-මොහොමඩ් සන්නද්ධ සංවිධානයේ නායක මසූඩ් අස්හාර් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර තිබේ.

කාශ්මීරයේ ඉන්දීය පාලනයේ පවතින ප්‍රදේශය තුළ ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන් 40කට මරු කැඳවූ මසූඩ්, පාකිස්තානයේ ජීවත් වෙයි.

පසුගියදා එල්ල වූ මෙම ප්‍රහාරය ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීම දක්වා දුරදිග ගිය සිදුවීමක් විය.

මොහු ත්‍රස්තයෙකු ලෙස නම් කිරීම සඳහා මීට පෙර කිහිප අවස්ථාවකදීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී උත්සාහ කළත්, ඒ සඳහා චීනය මැදිහත්ව එය වැළැක්වීය.

විශේෂයෙන්ම, චීනය සහ පාකිස්තානය අතර පවතින සබඳතා මීට හේතු විය. නමුත්, චීනය මෙවර සිය බාධා කිරීම් ඉවත්කර ගැනීමත් සමග මොහු ත්‍රස්තයෙකු ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකිවිය.

මෙම පුවතින් උද්දාමයට පත් ඉන්දියාව කියා සිටියේ මෙය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

Read more

Local News