සෝදිසි මෙහෙයුමකින් ඊයම් බෝල 699ක් සොයාගැනේ

Share

ගාල්ල කොටුව අවට ප්‍රදේශයේ නිවාස පරීක්ෂා කිරීමේදී පැරණි පෙට්ටගමක තිබී ඊයම් බෝල 699ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

තවද, වරින් වර යතුරුපැදි කිහිපයකට භාවිතා කරන ලද අංක තහඩු කීපයක්ද සොයාගෙන තිබෙන බවට වාර්තා වෙයි.

යුධ හමුදාව ගුවන් හමුදාව සමඟ එක්ව ගාල්ල කොටුව අවට විශේෂ සෝදිසි මෙහෙයුම ඊයේ(02) දියත් කර තිබුණි.

මේ අතර මාදම්පේ පොලීසිය හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් මාදම්පේ මහාබද්දෙගම ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News