සහරාන්ගේ තවත් ප්‍රබලයන් 02ක් අත්අඩංගුවට

Share

තව්හිද් ජමාද් සංවිධානයේ පුත්තලම  ප්‍රබල සාමාජීකයින් ලෙස සැලකෙන සොහොයුරන් දෙදෙනෙකු මැයි 16 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා ඊයේ (2) දින පුත්තලම මුලස්ථාන පොලීසියට නියෝග කර තිබුනී.

මෙසේ බන්ධනාගාර ගත කළේ  පුත්තලම නගරයේ පදිංචි මෙහොමඩ් කාදර් කලිෆ් (30) හා මොහොමඩ් කාදර් සුහයිර් ( 28 ) නැමති සොහොයුරන්ය.

තව්හිද් ජමාද් ත්‍රස්ත සංවිධානයේ අයි. එස් .අයි.එස් . ප්‍රබල ත්‍රස්තවාදියකු වන සහරාන් හෂිම් ගේ දේශන වලට සහභාගිවි ඇති මෙම සැකකාර සොහොයුරන් දෙදෙනා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු සිවු දෙනෙකු පුත්තලමේ පදිංචිකරුවන් බවත් මොවුන් ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරින් බවට පොලිස් මුලස්ථානයෙන් ලැබුණ තොරතුරු මත පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා සමඟ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ ප්‍රධානි ප්‍රධාන පොලිස් පරීක්ෂක බි.සි.එල් . මුණසිංහ මහතා සමඟ පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකල වැටලිමකදි මෙම සැකකරුවන් අතරින් සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මුලස්ථානයෙන්  ලැබුණ සිවු දෙනාගේ තොරතුරු සොයා බලා මෙම වැටලිම් කර අතර මෙම ලේඛනයේ සිටි එක් අයෙකු විදේශගතව ඇති බවත් තවත් සැකකරුවකු පළා ගොස් තිබු බවත් පැවසේ.

අත්අඩංගුවට ගැණුන සොහොයුරන් දෙදෙනා දුරකථන අලුත්වැඩියා සහ පැස්සුම්කරුවන් ලෙස රැකියා වල නිරතවි ඇති බව පැවසේ.

මෙම සොහොයුරන් පසුගිය එල්.ටි.ටි.ඊ. යුධ සමයේ ඔවුන්ගේ මවුපියන් සමඟ  සරණාගතයින් ලෙස පුත්තලමට පැමිණ කඳවුරු වල පදිංචිව සිටි අය බවට විමර්ශන වලදී සනාථ වි තිබේ.

අත්අඩංගුවට ගැණුන දෙදෙනාම විවාහකයින් බවත් මොවුන් 2017 වසරේ සිට තවුහිද් ජමාද් සංවිධානයේ දේශන රැසකට සහභාගිවි ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේදි බවද කියයි.

නැවත 2018 වසරේද කාත්තන්කුඩි ප්‍රදේශයේ මෙම සැකකරුවන්ගේ සොහොයුරියගේ නිවසේදී  සහරාම් හෂිම්ගේ දේශන කිපයක් පවත්වා ඇති බවත් කියයි.

මොවුන් අයි.එස් .අයි .එස් . සංවිධානයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් දක්වා ඇති බවට තොරතුරු ලැබි ඇති බවද විමර්ශන වලදි හෙළිවි තිබේ.

කෙසේ නමුත් පොලිස් ප්‍රශ්න කිරිම් වලදි මෙම සැකකරුවන් පාපොච්චාරණය කර ඇත්තේ මරාගෙන මැරෙන  ආකල්ප වලට තමන් අකමැති වු නිසා තව්හිද්  ජමාද් සංවිධානයේ කටයුතු වලින් ඉවත් වු බවයි. නමුත් එසේ ඉවත් වු කාලවකවානු මෙම සැකකරුවන් පවසා නැති බවද කියයි.

Read more

Local News