දත්තගබඩා ඒකරාශි කිරිමේ අමාත්‍ය තීන්දුව ක්‍රියාත්මක කරලා නෑ

Share

ආරක්‍ෂක විධිවිධාන යටතේ දත්ත ගබඩා ඒකරාශී කිරීමේ ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී මේ වනවිට මාස කිහිපයක් ගතව තිබුණද, එය ක්‍රියාත්මක කිරීමට අදාළ රාජ්‍ය ආයතන මෙතෙක් කටයුතු කර නොමැති බව වාර්තාවේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව හාරේගු දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමග පරිගණක මෘදුකාංග ඔස්සේ සම්බන්ධ කිරීමට මීට මාස කිහිපයකට පෙරදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

මෙම තීන්දුව ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ කරුණු දක්වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය අදාළ ආයතන වෙත දැනුම් දී ඇත අතර,අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව ඉහත ආයතන දෙකෙහි දත්ත ගබඩා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කර තිබුණේ නම් අයි.එස්.අයි.එස්. ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ඉතා නිරවුල්ව කලින්ම දැනගැනීමට තිබුණේ යැයිද ආරක්‍ෂක අංශ ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන බවද වාර්තාවේ.

Read more

Local News