නවගමුවේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

නවගමුව ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ නිවසක තිබූ ගේට්ටු කණුවක ගැටී ඇති අතර එම කණුව නිවසේ සිටි පුද්ගලයෙකු මතට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෝටර් රථයේ රියදුරු හට ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීම හේතුවෙන් ඔහු තුවාල ලබා අතුරුගිරිය රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වෙයි.

මෝටර් රථ රියදුරු බීමතින් රිය පදවා ඇති බවට ද අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

නවගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read more

Local News