කටුගස්තොට දී ගිනි අවි සමඟ හතරක් අත්අඩංගුවට

Share

කටුගස්තොට පොලිස් වසමේ ශ්‍රී රාහුල ක්‍රීඩාංගනය අසළ පොලිස් මාර්ග බාධකයේ දී කාර් රථයක් පරීක්ෂා කර තිබේ.

ඒහිදී ස්වයංක්‍රීය පිස්තෝල අවියක් ඒ සඳහා යොදාගන්න උණ්ඩ 07ක් වායු පිස්තෝල 02ක් හා වායු රයිපල් 1ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් ලද තොරතුරු වලට අනුව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් 35, 39, 51 හා 56 යන වයස්වල පසුවන්නන් බව අනාවරණය වී ඇත.

සැකකරුවන් අද(04) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කටුගස්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Read more

Local News