අදත් කඩු-කිනිසි සහ පිහි පොලීසියට භාරදෙන්න පුළුවන්

Share

නීත්‍යානුකූල හේතුවක් ඉදිරිපත් කළ නොහැකි කඩු, කිනිසි හෝ උල් පිහි ආදිය ඇත්නම් අද (05) ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ඊයේ දිනය තුළ ද ඒ සඳහා අවස්ථාව ලබා දී තිබු බවයි.

එමෙන්ම පොලිස් සහ ත්‍රිවිධ හමුදාවට අයත් නිල ඇඳුම් ඇත්නම් එම ඇදුම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මුලස්ථානය විසින් මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.

Read more

Local News