නීති විරෝධිව මෙරට සිටි විදේශිකයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ආගමන විගමන නීති උල්ලංගනය කරමින් වීසා නොමැතිව විදේශිකයින් සිටින බවට මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත කළ සෝදිසි මෙහෙයුමකදි මෙම පිරිස මුල්ලේරියාව-කැලණිමුල්ල ප්‍රදේශයේදි ඊයේ (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ මෙම විදේශිකයින් 32,28,12,යන වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයින් බවයි.
සැකකරුවන් අද (05) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
මුල්ලේරියාව පොලීසිය මේ සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.