සහරාන්ගේ මස්සිනා සහ තවත් සගයෙක් සෞදි අත්අඩංගුවට

Share

පාස්කු ඉරිදා (21) එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරු වන සහරාන් හෂිම්ගේ මස්සිනා වන මවුලානා රීලා නැමැත්තෙක් සහ ඔහුගේ සමිපතයෙකු වන සහනාවාෂ් නැමැත් පුද්ගලයෙක් සෞදි අරාබියේදි එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්දිය බුද්ධි අංශ විසින් සෞදි බලධාරින්ට සිදුකරන ලද දැනුම් දිමක් අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති බව ඉන්දියානු පුවත් සේවයක් වන හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර ඇත.

ශ්‍රි ලංකාවේ සිදුවු බෝම්බ ප්‍රහාරයට සහ ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තයේ හා තමිල්නාඩුවේ ප්‍රහාර දියත් කිරිමේ සැලසුම් සඳහා IS ත්‍රස්තවාදින්ගේ සම්බන්ධයක් පවතින්නේද යන්න ගැන පරික්ෂණ සිදුකරන ඉන්දිය බුද්ධි අංශ විසින් සිය නිලධාරින් කණ්ඩායමක් ඉදිරි විමර්ෂන සදහා සෞදියට පිටත් කර යැවිමට පියවර ගෙන ඇති බවද ඒහි සඳහන් වේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙරට පිහිටි ටාජ් සමුද්‍රා හෝටලය ඇතුළු ව්‍යාපාරික කටයුතු කිහිපයක හිමිකාරිත්වය දරණ ටාටා සමුහ ව්‍යාපාරයේ හිමිකරුවන්ට දැනුම්දි ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන වල ආරක්ෂාව තර කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

තම රට තුල IS සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරින් සහ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධකම් පවත්වනු ලබන පුද්ගලයින් සොයා ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට දිගින් දිගටම සිය මෙහෙයුම් සිදුකරමින් සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.

Read more

Local News