කාදිනල් හිමියන්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න

Share

අගරදගුරු  අති උතුම්  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ට නෝබල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය  අමීර් අලී පවසයි.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“පාස්කු ඉරුදින සිදුවූ  මිලේච්ඡ  ක්‍රියාවේ පිටුපස රටතුළ  විශාල ජාතිවාදී කොලාහල සිදුවීමේ වාතාවරණයක් තිබුණි . එවැනි  අර්බුදකාරී තත්ත්වයෙන්  තම ජනයාගේ ජිවිත අහිමිවීම්  දරාගෙන  සාමය රැකීමට දිගින් දිගටම තම ජනයාට  කරන ලද  ඉල්ලීම නිසා  මෙම රටේ සිදුවීමට තිබු   ජාතීවාදී කලබල නතරවුණි.

එවැනි  අවස්ථාවක කතෝලික  ජනතාව  තම පාලනය යටතට රැගෙන සාමයෙන් හා සමාදානය ඇති කරලීමට  කැපවූ කිදිනල් හිමියන්ට මුළුමහත් මුස්‌ලිම් සමාජය  පමණක් නොව  මුළුරටම ගෞරව කිරීමට බැදී ඇත.”

Read more

Local News