මෙගාවොට් 200ක් පෞද්ගලික අංශයෙන් ගන්න කැබිනට් අනුමැතිය

Share

පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 200ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීම සඳහා ඇගයීම් කටයුතු සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඇගයීම් කටයුතු වලින් අනතුරුව අදාළ විදුලිය මිලදී ගැනීම සිදුකිරීමට නියමිත බවයි.

මේ අතර පසුගියදා විදුලිබල මණ්ඩලයට මිලදීගෙන කොළොන්නාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විදුලි ජනන යන්ත්‍ර කිහිපයක් අක්‍රීය වී ඇති බවට පල වන වාර්තා සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා නිරීක්ෂණය කර තිබේ.

එම ස්ථානයේ විදුලි ජනන යන්ත්‍ර 20ක් ස්ථාපිත කර ඇති අතර ඉන් දෙකක් අක්‍රීය වී ඇති බව නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රවී කරුණානායක අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News