අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

Share

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද(06) දිනයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බවටයි සඳහන් වන්නේ.

මෙහිදි ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

මීට අමතරව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන නව ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට නියමිතයි.

මේ අතර ආරක්ෂක හේතුන් මත වසා දමා ඇති පාර්ලිමේන්තු ගැලරිය හෙට දිනයේ සිට විවෘත කිරීම සම්බන්ධයෙන්ද මෙම සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වනවිටත් අනුයුක්ත කර තිබේ.

Read more

Local News