කිරිබත්ගොඩ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක ගින්නක්

Share

කිරිබත්ගොඩ පොලිස් වසමේ ඊරියවටිය මාර්ගයේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හදිසි ගින්නක් ඊයේ(06) රාත්‍රීයේ හට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

වහාම ක්‍රියාත්මක වු පොලීසිය හා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසී‍න් හා සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලට හා ඊට යාබදව පිහිටි කෙසෙල් කඩයකට හා තවත් වෙළඳ සැලකට අලාභ හානි සිදුව ඇත.

මෙම ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති අතර ගින්න ඇති වීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වා තිබේ.

Read more

Local News