ප්‍රතිත්‍රස්ත පනත අකුල ගන්න විදිහ මෙන්න

Share

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයාට කිසිදු නෛතික අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත තමා අධිකරණ අමාත්‍යවරයාව සිටින කාලය තුළ කිහිප වතාවක් කුණු කූඩයට දැමූ පණතක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ අතර මෙම යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒම සඳහා මූලික වූයේ ඩයස් පෝරාව සහ යුරෝපීය සංගමය බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට කටයුතු කළ හොත් එය අකුල ගන්නා ආකරය උගන්වන බවයි.

Read more

Local News