ලොව පුරා මුස්ලිම්වරුන් රාමලාන් උපවාසය අරඹයි

Share

ලොව පුරා මුස්ලිම්වරුන් ඔවුන්ගේ උතුම් මාසය ලෙස සැලකෙන රාමලාන් උපවාස මාසය මැයි 6දා ආරම්භ කර තිබේ.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව 9 වැනි මාසය මේ සඳහා යොදා ගැනෙන අතර, මෙහිදී බොහෝ මුස්ලිම්වරුන් මෙම මාසය තුළ අලුයම 4.30 සිට සවස 6.30 දක්වා කිසිඳු ආහාර හෝ පානයක් නොගෙන ‘නෝම්බි’ හෙවත් උපවාසය ආරක්ෂා කරයි.

මෙම රාමලාන් උපවාසය ආධ්‍යාත්මික ශික්‍ෂණය තහවුරු කෙරෙන්නක් බව ඔවුහු පවසති. එය මුස්ලිම්වරුන්ට තමන්ගේ මනස පාලනය කර, බියබැතිකම, ඉවසීම, කරුණාව හා අන් අයට උපකාර කිරීම වැනි උතුම් ගුණාංග වර්ධනය කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවද ඔවුහු පවසති.

Read more

Local News