යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයෙන් ඉවත් කරයි

Share

යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

ඊට අදාල ලිපිය මේ වන විට විශ්වවිද්‍යාලයට ලැබී ඇති බව විශ්ව විද්‍යාල පාලක සභාව සඳහන් කළේය.

කෙසේවෙතත් විග්නේෂ්වරන් මහතා එම ධුරයෙන් ඉවත් කළ ද නව උපකුලපති ලෙස කවුරුන් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් දැනුවත් කර නොමැති බව ද ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර නොමැති බවයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා මහතා සදහන් කළේ උප කුලපතිවරුන් ඉවත් කිරීමේ බලතල පවතින්නේ ජනාධිපතිවරයාට බවත් ඒ අනුව අදාල ඉවත් කිරීම සිදු කර ඇති බවත් ය.

කෙසේවෙතත් අද දහවල් නව උප කුලපතිවරයෙකු පත් කරනු ඇති බව ද මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සදහන් කළේය.

Read more

Local News