සියලු පාසල් වලට උපරිම ආරක්ෂාව

Share

වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ(06) පස්වරුවේ පැවැත් විය.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ දීය.

නිසි දැනුමක් ඇතිව ක්‍රමානුකූලව සැකසු වැඩ පිළිවෙලක් හොඳින් ක්‍රියාත්මක වෙන බව වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

සෑම පාසලක් සඳහා ම උපරිමයෙන් ආකරක්ෂාව යොදවා ඇති බව ද ඔහු සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවේදී  ගුවන් හමුදාපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ, බෝම්බ ප්‍රහාරයත් සමඟ ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර බවත් එහිදී මගීන්ට යම් අපහසුතාවයක් ඇතිව තිබෙන බවත්ය.

නමුත් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම මෙම ආරක්ෂක වැඩ පිළිවෙල ක්‍රියාත්මක බැවින් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

කට කථාවලට හසු නොවන බවත්, ඒවා විශ්වාස කිරීමෙන් ත්‍රස්ථවාදීන්ගේ ක්‍රියාවලට හසුවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News