මුස්ලිම් සමාජය තුළ මල්වර වූ දැරියන් විවාහ කර ගන්නවා

Share

ලංකාවේ සංස්කෘතිය අනුව ජීවිත්විය නෙහැකි කිසිවෙකුත් සිටිනම් ඔවුන්ට ලංකාවෙන් පිටවූවාට ගැටලුවක් නොමැති බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

මේ වන විට මුස්ලිම් නායකයන් පවා මෙය බෞද්ධාගම මූලික කරගත් රටක් ලෙස පිළිගන්නා බවත් ඒ අනුව ජීවත් විය නොහැකිනම් රටෙන් පිටවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම රට තුළ එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු සඳහන් කළේය. නීතිය අනුව ලංකාවේ විවාහ වන වයස අවුරුදු 18ක් ලෙස දක්වා ඇතත් මුස්ලිම් සමාජය තුළ මල්වර වූ දැරියන් විවාහ කර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම යම් කිසි ආගමක්, ජාතියක් මුල් කරගනිමින් පවත්වාගෙන යන දේශපාලන පක්ෂ බිහි නොවිය යුතු බවත්  ඔහු පෙන්වා දුන්නේය.

Read more

Local News