කුඩු එක්ක පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 190ක් පොලිසිය බාරයට ගෙන තිබේ.

සැකකරු 45 හැවිරිදි මහවිටවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද(08) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරයි.

Read more

Local News