හැක්කළ බවට එන ඊමේල් පණිවිඩය බොරුවක්

Share

ඊමේල් පණිවිඩ හරහා පරිගනකය/ඊමේල් ගිණුම හැක්කොට ඇති බවත් මාස කිහිපයක සිට පරිගනකයේ/ජංගම දුරකතනයේ සිදුකරනු ලැබූ ක්‍රියාකාරකම් අධ්‍යනය කොට ඒවාහි දත්ත හැකර්වරුන් යයි පවසාගන්නා කණ්ඩායමක් සතු බවත් සඳහන් කරමින් ඊමේල් හරහා පණිවිඩයක් එවන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිවර්ත සමූහය පවසයි.

එසේම එම දත්ත සමාජ මාධ්‍යවලට මුදාහැරීමට ප්‍රථම කප්පන් මුදලක් bitcoin හරහා එම හැකර්වරුන් වෙත ගෙවන මෙන් දැක්වෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ ආකාරයේ පණිවිඩ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට ලැබී ඇති බවත් ඒ පිළිබඳව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටියි.

ඊමේල් ගිණුම් හෝ පරිගනක කිසිඳු ආකාරයකට හැක් වීමක් සිදු කර නොමැති බවත් එම ඊමේල් පණිවිඩය ජනතාව බියවද්දවා කප්පම් මුදල් එක්රැස් කිරීමට යොදාගන්නා උපක්‍රමයක් ලෙස හදුනාගෙන ඇති  බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

Read more

Local News