ප්‍රතිත්‍රස්ත පනත සහන පැකේජයක්ද ?

Share

ප්‍රතිත්‍රස්ත පනත සහන පැකේජයක් නොවන බවත් ඒ තුළ විදේශීය ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා පවත්වන අය නීතිය ඉදිරියට ගෙන යෑමට අවස්ථාව මෙම පනත තුළ ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ඒසේම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දෙවැනි නායකයා වූ කේ.පි. ලංකාවට ගෙන ඒමින් සැප ලබාදෙමින් සහන පැකේජයක් ලබාදුන් බවද ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රතිත්‍රස්ත පනත හරහා බිල්ලෙක් මැවීමට උත්සාහ කරන බවත් අවශ්‍ය නම් පනතට සංශෝධන ගෙන ඒමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

Read more

Local News