මරණ හරහා දේශපාලනය කරන්න හැදු බව මනූෂ කියයි

Share

විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරයෙන් බලපාන නීති පද්ධතිය ඉවත් කර ඒ වෙනුවට සියලු දෙනාටම බලපාන එක් නීති පද්ධතියක් ගෙන ආ යුතු බවත් එක රටක්–එක නීතියක් යන අදහස ඇතිව කටයුතු කරන්නේ නම් කිසිදු අන්තවාදී ත‍්‍රස්තවාදයකට ලංකාව තුළ හිස එසවිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

එක රටක් එක නීතියක් යන්න ජනතාවගේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇති බවත් මෙම ජනතා උවමානව අනුව කටයුතු නොකරන්නේ නම් එය රටට කරන මහා අපරාධයක් බවද  ඔහු සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.

“අද දවසේ පාර්ලිමේන්තුවේ කාටවත් ඇගිල්ල දික්කරන්න අවශ්‍ය නැහැ කියලා කිව්වට හැමෝම කළේ කාට හරි ඇගිල්ල දිගු කරන එක තමයි.

මේ මරණ හරහා දේශපාලනය කරන්න හැදුවා. ජීවිත ගණනාවක් නැති වුනාග අපි හොයාගෙන හොයාගෙන ගියොත් එදා සිදුවීමට කලින් දවසේ කෝල් එකක් ආවේ කාටද කවුද ඒක දැනගත්තේල ඒකට ක‍්‍රියාත්මක නොවුනේ ඇයි කියලා කියන්න අපිටත් පුලුවන් හැබැයි අපි කාටවත් ඇගිල්ල දිගු කරන්න සූදානම් නෑ.

සාමූහිකව අගමැතිතුමාත් ආණ්ඩුවක් විදියටත් වගකීම දරන්න සූදානම් කියලා අගමැතිතුමාම කිව්වා.

අපි 225 දෙනාම මේකට වගකිව යුතුයි. අපි දෙසීය විසි පස් දෙනාගේම ආරක්ෂක අංශවලට ඒක දැනුම්දීලා තිබුණා. ඒක වෙනකොට දැනගන්නේ නැති වුනාට පහුවෙනිදා වෙනකොට දැනගන්න ලිපි ලැබිලා තිබේ.

එකට අපි දෙසීය විසි පහම වගකියන්න ඕනේ.

එලියේ ඉන්න මිනිස්සු පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ කියලා තමයි හිතන්නේ. මේ සිදුවුනා වගේ දේවල් සිදු නොවීමට කටයුතු නොකර එකිනෙකාට ඇගිලි දිගු කරගනිමින් නින්දිත ආකාරයට කටයුතු කරනවා නම් මිනිස්සු එහෙම හිතන එකේ වරදක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ.

මේ සිදුවීමෙන් වටිනා ජීවිත නැති වුනා. අපිට දැන් හෙට දවසේදී කරන්න තියෙන්නේ කෙටි කාලීනල දීර්ඝ කාලීනල ක‍්‍රියාමාර්ග ගැනීමයි. ඒ කියන්නේ වහාබ්වාදය හෝ වෙනත් අන්තවාදයක් මත පදනම්ව ත‍්‍රස්තවාදය ඇතිවීමට සකස්වී තිබූ බිම අපි නැති කළ යුතුයි.

ත‍්‍රස්තවාදයට මූල බීජ සපුරාගැනීමට හැකිල ත‍්‍රස්තවාදයට දළුලා වැඩෙන්න හැකිවෙන පරිසරය අපි නැති කළ යුතුයි ඒ සදහා තමයිඅපි එකතු වෙන්න ඕනේ.

මේ පරිසරය නැති කිරීමට නම් අපි හැමෝම එකතු වෙන්න ඕනේ. ශ‍්‍රී ලාංකිකයින් ලෙස එකතුවීමේදී මේ විවිධත්වය වැදගත්ග සිංහල දෙමළ ස්ලාම් කතෝලික හින්දු බෞද්ධ අපි ඒකීයත්වයක් හොයන්න ඕනේ. ඒ ඒකියත්වය හොයන්න ඔ්න එක රටක් ඇතුලේග එක කොඩියක් ඇතුලේග ශ‍්‍රී ලාංකික කියන අනන්‍යතාවය ඇතුලේ.

එක නීතියක්ල එක රටක් යටතේ තමයි අපි කටයුතු කරන්න ඕනේ. එතකොට මේ ඉස්ලාම් අන්තවාදයට විතරක් නෙමෙයි කිසිම අන්තවාදයකට හිස එසවීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අපි උඩරට වෙන්න පුලුවන්. පහතරට වෙන්න පුලුවන්ග තේසවලාමේ නීතියෙන් බැදිලා ඉන්න පුලුවන්ග කාති නීතිය වෙන්න පුලුවන්.

මේ සියල්ලම පැත්තකට දාලා ශ‍්‍රී ලාංකිකයින් විදියට කතා කරන්න පුලුවන්ල එක විදියට හිස නමන්න පුලුවන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදාගෙන ඒ නීති පද්ධතිය යටතේ කටයුතු කළොත් විතරයි මේ ප‍්‍රශ්ණවලට පිළිතුරු හොයන්න පුලුවන් වෙන්නේ.

අපි 1948 ඉදලා රටක් විදියට ඉදිරියට ගියේ නෑග තිස් වසරක වාර්ගික යුද්ධයකට අපි මැදිවී සිටියාග අපි අපේ සම්පත් හරියට භාවිතා කරන්නේ නැතිව බල ලෝභී දේශපාලඥයින් සිංහල භාෂාව පමණයි කියලා පටන් අරගෙන විවිධ විදියට දෙපැත්තට බෝලේ පාස් කරගෙන ඇවිත් වර්ගවාදය වපුරාගෙන ආවා.

ඒ හැදුන ඉඩ තමයි ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියාට ලංකාව ඇතුලේ බෝම්බ පුපුරවා හැරීමට යොදා ගත්තේ.

ඒ නිසා රටක් විදියට කටයුතු කරමුග අපි පාර්ලිමේන්තුව එකතුවෙලා හැමෝටම බලපාන එකම නීතියක් හදාගනිමු. එක එක ජාතීන්ට විවාහවීමේදී විවිධ වයස් සීමාවන් බලපානල එක එක ඉඩම් නීති බලපාන ක‍්‍රමයන් වෙනස් කරමු.

විවිධ විවිධ ජාතීන්ටල විවිධ විවිධ ආගම්වලට සීමාවූ ඇදුම් පැළදුම් වෙනුවට ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇතිකරගනිමු. අපි ඉදිරියට අරගෙන යන්න ඕනේ මේ ශ‍්‍රී ලාංකික සංස්කෘතියයිග අපි අපේ ශ‍්‍රී ලාංකික කම ඉදිරියට ගෙන යන නීති පද්ධතියක් හදාගනිමු.

මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් පෙළඹවීමක් ඇතිවෙලා තියෙනවාග ඒ සදහා ජනතා උවමනාවක් තිබෙනවා. මේ ජනතා උවමනාව අපි පාවිච්චි නොකළොත් ඒක මේ රටට අපි කරන මහා විනාශයක් බවට පත්වෙනවා. ”

Read more

Local News