වවුනියාවේ නිවසකින් මුස්ලිම් ජාතිකයින්ගේ හැඳුනුම්පත් 15ක් හමුවෙයි

Share

වවුනියාව සාලම්බකුලම් ප්‍රදේශයේ වසා දමා තිබූ පාලු නිවසක් පරික්ෂා කිරීමේදී එහි තිබී මුස්ලිම් ජාතිකයින්ගේ විවිධ වර්ගයේ හැඳුනුම්පත් 15ක් තිබී හමුවූ බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.

වවුනියාව මන්නාරම් මාර්ගයේ පිහිටි සාලම්භකුලම් ප්‍රදේශයේ ඊයේ (07) සවස ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති අතර එහිදී වසා දමා තිබූ පාලු නිවසක් පරික්ෂා කිරීමේදී ඉටි කවරයකින් ආවරනය කරන ලද තැටියක මෙම හැඳුනුම්පත් හමු වී ඇත.

එහිදී කාන්තා සහ පිරිමි මුස්ලිම් ජාතිකයින්ට අයත් ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර හා කාර්යාල හැඳුනුම්පත් තිබී හමු වී ඇති අතර එහි අනන්‍යතාවයන් තහවුරු කිරීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැත.

කෙසේ වෙතත් අදාළ හැඳුනුම්පත්හි නාමයන් ඔස්සේ අයිතිකරුවන් සෙවීමට මේ වනවිටත් පරික්ෂණයක් අරඹා ඇති බවටද පූවර්සන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News