20000කගේ ජීවිත සුවසැරියෙන් බේරගෙන

Share

1990 සුවසැරිය ජංගම ගිලන් රථ සේවාවේ ජංගම දුරකථන යෙදුම(ඇප් එක) හඳුන්වාදීම රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී අද(08) පෙරවරුවේ සිදුවිය.

ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකින් මෙම දුරකථන යෙදුම බාගත කර ගෙන හදිසි අවස්ථාවකදී 1990 අංකයට ඇමතුමක් ලබාදුන් පසුව සුවසැරිය ගිලන්රථයකට ඉතා ඉක්මනින් අදාළ ස්ථානයට ලඟාවීමට හැකියාව ලැබෙන පරිදි පහසුකම් සපයා තිබේ.

මීට පෙර 1990 අංකයට ඇමතුමක් ලබාදුන් පසුව ඇමතුම ලබාගත් පුද්ගලයාගේ සියලු විස්තර පැවසීමට සිදුවුවද නව දුරකථන යෙදුම මගින් ඇමතුමක් ලබාගන්නා පුද්ගලයාගේ ලිපිනය,දුරකථන අංකය ඇතුලු විස්තර සුවසුරිය මෙහෙයුම් මූලස්ථානයේ පරිගණක තිරයේ ක්ෂණිකව සටහන් වෙයි.

මීට පෙර ඇමතුම ලබාදෙන පුද්ගලයාගේ තොරතුරු සටහන් කර ගැනීමට ගතවූ කාලය ඉතිරි කර ගැනීමට නව යෙදුම මගින් හැකියාව ලැබෙන බව මෙම අවස්ථාවට එක්වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රෝගියාගේ තොරතුරු පමණක් ලබාගෙන මීට පෙර ගිලන් රථය පැමිණීමට ගත කළ කාලයට වඩා විනාඩි 11/2ක් ඉතිරි කර ගැනීමට අවස්ථාව ලැබෙන බවත්,මින් රෝගි ජිවිත විශාල ප්‍රමාණයක් බේරා ගැනීමට අවස්ථාව ලැබෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

සඳහන් කළේ දැනට පළාත් 08ක ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව මේ මාසය අවසන් වනවිට නැගෙනහිර පළාත තුළද ක්‍රියාත්මක කරන බවයි.

දැනට ගිලන් රථ 258ක් යොදවා තිබෙන බවත්,එය 300ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරගෙන යන බවත් පැවසූ  හෙතෙම මේ වනවිට සුවසැරිය ගිලන් සේවාව සඳහා කාර්ය මණ්ඩලය වශයෙන් 1467 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බඳවා ගෙන තිබෙන බව කියා සිටියේය.

මේ මස 03 වැනිදා වනවිට 1990 දුරකථන අංකයට ඇමතුම් 1057571ක් ලැබුණු බවත් ,එම ඇමතුම්වලට අදාලව හදිසි අවස්ථාවන් සඳහා ගිලන් රථ 199997ක් පිටත්කර තිබෙන බවත්,එහිදි රෝහල් ගත කිරීම් 174555ක් සිදුකර කරතිබෙන බව ඇමතිවරයා පැවසීය.

සුවසැරිය ගිලන් රථ සේවාව මගින් මිනිස් ජීවිත 20000ක් පමණ බේරාගෙන තිබෙන බවත්,ගිලන් රථ තුළ දරු උපත් 81ක් සිදුව තිබෙන බවත් හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේය.

Read more

Local News