පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබු අමෙරිකානු නිලධාරිනිය මරුට

Share

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අමෙරිකානු නිලධාරිනියක් මියගොස් තිබේ.

අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ශ්‍රී ලංකාවේ රාජකාරිවල  නිරත වූ චෙල්සියා ඩිකමිනාඩා නමැති නිලධාරිනිය ෂැංග්‍රි-ලා හෝටලයේ සිදු වූ පිපිරිමෙන් තුවාල ලබා තිබුණි.

ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් සිංගප්පූරුවට රැගෙන ගොස් තිබූ අතර එහිදී ඇය මියගොස් ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමෙරිකානු වාණිජ ලේකම් විල්බර් රෝස් ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා ත්‍රස්තවාදයට එරෙහි සටන අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි.

Read more

Local News