බ්‍රිතාන්‍යයේ රාජකීය බිළිඳාට නම් තබයි

Share

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ආදිපාද හැරී කුමාරාටත් මේගන් මාකල් ආදිපාදවරියටත් දාව උපන් පුතණුවන්ට නම් තබා තිබේ.

ඒ, ආචි හැරිසන් මවුන්ට් බැට්න් වින්ඩ්සර් ලෙසයි.

රාජකීය බිළිඳෙකුට නමක් තැබීම පිළිබඳව විශේෂයෙන් සැකසුණු නීතිරීති මාලාවක් නොමැත.

නමුත් එය බොහෝවිට සිදු වන්නේ සම්ප්‍රදායට තැන දෙමින්ය.

මේ අතර සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිය බිලිඳු පුතු සමග ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේය.

එය මාධ්‍ය ඔස්සේ ලෝකවාසි ප්‍රජාවට ද දැක ගැනීමට අවස්ථාව උදාවුණි.

කුමාරයා යන රාජකීය නිල නාමය මෙම බිළිඳාට උරුමයෙන් නොලැබෙන අතර එය ලබා දිය හැක්කේ එලිසබත් රැජිණගේ මනාපය සහ අනුමැතිය යටතේයි.

විලියම් කුමාරයාගේ දරුවන් සියලු දෙනා ම ‘රාජකීය කුමර කුමරියන්’ වන බව සහතික කරමින් එලිසබත් රැජිණ විසින් 2012 දී නව නීතියක් සම්මත කළේය.

මීට පෙර තිබූ නීතිය අනුව කුමාරයකුලෙස නම් කෙරෙන්නේ වේල්ස් කුමාරයාගේ චාර්ල්ස් කුමරු වැඩිමල් පුත්‍රයාට ලැබෙන පළමු පිරිමි දරුවා පමණයි.

එම නීතිය වසර 1917 දී ගෙන එනු ලැබුවේ පස් වන ජෝර්ජ් රජු විසිනි.

මේ අනුව හැරී කුමරුන්ගේ සහ මේගන් ආදිපාදවරියගේ පුත්‍රයා රාජකීය කුමාරයෙකු ලෙස නම් කරන්නේ ද නැද්ද යන තීරණය ගනු ලැබිය යුත්තේ එලිසබත් රැජිණ විසින්ය.

මෙම අලුත උපන් බිළිඳාට බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන කුමර කුමරියන්ගේ ලැයිස්තුවේ හත් වන ස්ථානය හිමි වෙයි.

එහි හය වන ස්ථානයේ සිටින්නේ කුමරුගේ පියා වන හැරී කුමරායි.

හැරී කුමරුට ඉදිරියෙන් විලියම් කුමාරයාගේ දරුවන් තිදෙනා වන ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ ලුවිස් කුමරා පිළිවෙළින් සිටී.

අලුත උපන් බිලිඳාගේ මව වන මේගන් මාකල් ආදිපාදවරිය උපත ලබා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේයි.

මව් උරුමය අනුව එක්සත් ජනපදයේ ද පුරවැසිභාවය හිමි කර ගැනීමේ අයිතිය නව කුමරා සතු හෙයින් ඔහු ද්විත්ව පුරවැසිභාවය හිමි බ්‍රිතාන්‍ය රාජකීය බිළිඳෙකු බවට පත් වීමට වැඩි ඉඩකඩ තිබේ.

Read more

Local News