සිලෝන් තවුහීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුර් අධිකරණයට

Share

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බැණ වැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ක්‍රියා කළ යැයි සැක කෙරෙන සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුර් රාසික් මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල නැවත ජුලි මස 25 වැනිදා කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් නීති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවද පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව පැමිණිල්ල ජුලි මස 25 කැඳවීමට නියම කළ අතර එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද පොලීසියට දැනුම් දුන්නේය.

2016 වසරේ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමක දී බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාසාත්මක බැන වැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා කරමින් සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුර් රාසික් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

Read more

Local News