පාසල් අවට ආරක්ෂාව තර කරයි – සිසුන් පැමිණීමේ යම් වර්ධනයක්

Share

පාසල් වෙත සිසුන් පැමිණීමේ යම් වර්ධනයක් අද(09) දිනයේ දක්නට ලැබුණු බව විදුහල්පතිවරුන් පවසයි.

කෙසේවෙතත් පාසල් සහ ඒ අවට ප්‍රදේශවල තවදුරටත් ආරක්ෂක විධි විධාන තර කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු රජයේ පාසල් පැවැත්වෙන සිව්වන දිනය අදයි.

අද දිනයේත් සියලුම පාසල් සහ ඒ අවට මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා.

ඒ සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සමඟ මව්පියන්ද එක්ව සිටියේය.

කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් වල ඊයේ දිනට සාපේක්ෂව අද සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබුණත් එය ඉතා අඩු ප්‍රතිශතයක් ගත්තේය.

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය අවට ආරක්ෂාවද අද දිනයේදීත් පොලිසීය හමුදාව සහ පාසල් ආරක්ෂක අංශ ඇතුලු කණ්ඩායම් වල අධීක්ෂණයට ලක්විය.

කොළඹ ආනන්ද විද්‍යාලයේද ආරක්ෂක සැළැස්ම අදත් ක්‍රියාත්මක වු අතර ඊයේ දිනයට සාපේක්ෂන ළමුන්ගේ පැමිණිමේ වර්ධනයක් දක්නට තිබුණි.

කොළඹ අසෝක විද්‍යාලයේ ඊයේ දිනයට වඩා අද දිනයේදී ළමුන්ගේ පැමිණීමක් වර්ධනයක් පැවතුනද බොහෝ පන්තිකාමර අදත් පාලු ස්භාවයක් ගනු ලැබීය.

මේ අතර දකුණු පළාතේ පාසල් වල ඊයේ දිනට සාපේක්ෂව අද සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් පවතින බව විදුහල්පතිවරුන් පවසයි.

ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේද ඉගෙන්වීම් කටයුතු අදත් සාමාන්‍ය පරිදි සිදුකරන අතර ළමයින්ගේ පැමිණිමද තරමක් වැඩිවී තිබේ.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ආරක්ෂක වැඩපිළිවෙක් අදත් ක්‍රියාත්මක වූ අතර ඊයේ දිනට සාපේක්ෂව ළමයින් පැමිණ සිටියේය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ද ළමුන්ගේ පැමිණිමේ වර්ධනයක් අද දිනයේදී පවති.

Read more

Local News