කොච්චිකඩේ ‌බෝම්බකරුගේ සහෝදරයා හා තවත් 02ක් දැලේ

Share

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ කොච්චිකඩේ පල්ලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පුපුරුවාගත් අලව්ඩීන් අහමඩ් ත්‍රස්තවාදියාගේ සහෝදරයා හා ඔහු සමග සබදතා පැවැත්වූ තවත් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

අද (09දා) ආරක්ෂක තත්ත්වය පිළිබඳව මාධ්‍යවෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සදහන් කළේය.

“කොළඹ කොච්චිකඩේ පල්ලියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළේ අලව්ඩීන් අහමඩ් නැමැති අය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන මෙහෙයුම්වලට අදාළව දැනට කිහිප දිනකට පෙර මෙම බෝම්බකරුගේ සහෝදරයාත්, මෙම බෝම්බ ප්‍රහාරයේදී ඔහුත් සමග සමීපව සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. මේ තිදෙනාත් රඳවාගෙන විමර්ශන කරනවා.

අත්අඩංගුවට ගත් සහෝදරයා කල්මුණේ පදිංචිකරුවෙක්. ඔහු අත්අඩගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මට්ටක්කුලියේදී.”

Read more

Local News