උතුරු කොරියාව මැදිදුර මිසයිල දෙකක් අත්හදා බලයි

Share

උතුරු කොරියාව තවත් මැදි දුර මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසයි.

එරට ප්යොන්ග්යැන් අගනුවරට වයඹ දෙසින් වූ සීනෝ-රී ප්‍රදේශයේ සිට නැගෙනහිරට මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, ඒවා කිලෝ මීටර් 420ක් සහ 270ක් දුර ගමන් කර තිබේ.

උතුරු කොරියාව සමග සිදුකරන න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් බිඳ වැටුණු සාකච්ඡා යළි ආරම්භ කිරීමේ අරමුණින් ඇමෙරිකාවනු නියෝජිත පිරිසක් දකුණු කොරියාවේ සංචාරය කරමින් සිටින අවස්ථාවේ මෙම අත්හදා බැලීම සිදුකර තිබේ.

කෙසේ වෙතත්, මෙය ඇමෙරිකාව වෙත යම් බලපෑමක් කරමින් ඔවුන් යළිත් සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීමට උතුරු කොරියාව තම යුද ශක්තිය පෙන්වන අවස්ථාවක් ලෙසටද මෙම අත්හදා බැලීම් හැඳින්වෙයි.

Read more

Local News