කඩු හම්බවෙන එක පුදුම වෙන්න දෙයක්ද ?

Share

මේ දිනවල සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී හමුවෙන කඩු ඇතුළු තියුණු ආයුධ පිළිබඳව පුදුම වෙන්න ඇති දේ කුමක්දැයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළේය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ පිළිබඳව අවධාය යොමුකර පරීක්ෂණ පවත්වා නීතිය අනුව කටයුතු කළ යුතු බවයි.

එසේම මෙසේ හමුවන කඩු හරහා මුස්ලිම් ජනතාව ලංකවේ අනිත් ජතාව කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට මතයක් ගොඩ නැගී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

රටේ අනෙකුත් පළාත්වලත් මේ ආකාරයෙන් සෝදිසි මෙහෙයුම් කළා නම් මෙවැනි ආකාරයේ තියුණු ආයුධ සොයා ගැනීමට හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News