නව නීතිපති ලෙස දප්පුල ද ලිවේරා දිවුරුම් දෙයි

Share

නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද(10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ අතර අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පත් කර ඇත.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ.ජී අශෝකා අලවත්ත මහත්මිය පත් කර තිබේ.

එම මහත්ම මහත්මීන් ද අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේය.

Read more

Local News