අතපසු වු පාඩම්වලට හිලව් සැසි පවත්වන්නේ නෑ

Share

රටේ පැවති වාතාවරණය හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා බාධා එල්ල වු සති දෙකක කාලය සඳහා හිලව් සැසි නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි.

ඒ අනුව දෙවන පාසල් වාරයට නියමිත ඉගෙනුම් – ඉගැන්වීම් සහ ඇඟයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

සියලු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කිරීමට සහ සිසුන්ගේ පැමිණීමේ විෂමතාවයක් ඇති වුවද, සාමාන්‍ය පරිදි කාල සටහන් අනුව අධ්‍යයන කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී ඇත.

රජයේ පාසල් වල දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22වනදා ආරම්භ වීමට නියමිතව තිබුණද රට තුළ හට ගත් වාතාවරණය හේතුවෙන් දෙවන පාසල් වාරය ආරම්භ වුයේ මේ මස 06 වනදාය.

Read more

Local News