බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයාගැනේ

Share

බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයේදී බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද(10) පෙරවරුවේ බණ්ඩාරගම පොලීසිය විසින් සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයා දින 03ක පමණ සිට අතුරුදන්ව සිටි බව පැවසෙන පිළියන්දල ජබුරලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධ බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

Read more

Local News