සෝදිසියෙන් ගාල්ලේ පුද්ගලයින් 66ක් අල්ලයි

Share

ගාල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයින් 66 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි.

දිස්ත්‍රික්කයේ සියලුම මුස්ලිම් දේවස්ථාන හා සැකකටයුතු ස්ථාන 41ක සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ආරක්ෂක කමිටු රැස්වීමේදි වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.

Read more

Local News