දකුණු දිග ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

Share

දකුණු දිග ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇත.

රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය එරට මියසාකි නුවරට කිලෝමීටර් 40ක් පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා සිටියි.

කෙසේවෙතත් මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් සිදු කර නොමැති අතර භූකම්පනයේ බලපෑමෙන් කිසිඳු පුද්ගලයෙකුට හෝ දේපළකට හානි සිදුව නොමැති බවද සඳහන්ය.

එම භූ කම්පනයෙන් අනතුරුව අදාළ ප්‍රදේශයේම ඒකක 5.1 ක ප්‍රබලත්වයෙන් යුත් පසු කම්පනයක් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News