බණ්ඩාරගම පොලිස් වසමේ බණ්ඩාරගම ජාතික පාසල ආසන්‍නයේ මාවතක සිදු කල වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 501යි මිලිග්‍රෑම් 60ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරගම පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අදාළ හෙරොයින් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහු වයස අවුරුදු 22 ක් වු ඉසුරු මාවත, අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
සැකකරු අද(13) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.