මෙරට සිංහල බෞද්ධ රටක් නොවන බව මංගල කියලාද ?

Share

අද දවස සිංහල අවුරුද්ද දවසේ නොනගතය කාලය මෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කිසිදු ආයතනයක හො මාර්ගයක කිසිදු පුද්ගලයෙකු දැක ගැනීමට නොමැති බවත් ඒ තරමටම රට අරාජික තත්ත්වයක පවතින බවත් මන්ත්‍රිවරයා පවසයි.

වර්තමානයේ රට පවතින තත්ත්වයට පත් වුයේ ආණ්ඩුවේ හැසිරීම නිස බව මන්ත්‍රිවරයා එහිදි ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ මෙරට සිංහල බෞද්ධ රටක් නොව බව මංගල අමාත්‍යවරයා විසින් පවසා ඇති බවයි.

කෙසේ වෙතත් අගරදගුරුතුමා පවසන්නේ මෙරට ජීවනාලිය බුදුදහම බව බවත් පැවසු මන්ත්‍රීවරයා මංගල අමාත්‍යවරයාට චෝදනා කරමින් පැවසුවවේ වර්තමානයේ ආණ්ඩුව ගෙනියන පිරිස සම්බන්ධයෙන් රටේ ජනතාව තීන්දුවක් ගත යුතු බවයි.

එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති, මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා  සහ පාර්ලිමේන්තු මන්තී ඩලස් අලහප්පෙරුම මහතා ද අදහස් දැක්වීය.

Read more

Local News