තඹ කම්හලේ සේවකයාගෙන් ප්‍රකාශයක් ගැනීමට TID යට අවසර

Share

ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තම තඹ කම්හලක සේවය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කරුප්පයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා නමැති සැකකරු ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශයට අවසර ලබා දුන්නේය.

ත්‍රස්ත මර්දන කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව හෙට(14) සහ අනිද්දා(15) යන දිනවල එම
සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් සටහන් කරගැනීමට එම කාර්යාංශයට අවසර දී ඇත.

ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධිකරණයට දන්වා සිටියේ ඉකුත් අප්‍රේල් 21 දා දෙහිවල ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්  මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බවයි.

ඒ අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

Read more

Local News