විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘට එරෙහි දූෂණ චෝදනා යළි විමර්ශනයට

Share

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහි දූෂණ චෝදනාව සම්බන්ධයෙන් යළි විමර්ශණයක් සිදු කරන බව ස්වීඩන් බලධාරීන් පවසයි.

ලිංගික අපචාර චෝදනාවක් එල්ලවී සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට වසර 7ක පමණ කාලයක් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ හිමිවිය.

ඒ අදාළ චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන නීතිමය කටයුතු සඳහා ඔහු ස්වීඩනයට පිටුවහල් කිරීම වැළැක්වීම සඳහායි.

එහෙත් අසාන්ජ්ට ලබා දී තිබූ රැකවරණය ඉවත් කර ගැනීමට ඉක්වදෝරය කටයුතු කිරීම හේතුවෙන් ඔහු ඉකුත් මාසයේදී බ්‍රිතාන්‍ය පොලිසියේ අත්අඩංගුවට පත්විය.

ඉන් අනතුරුව ඇප කොන්දේසි කඩ කිරීමේ වරදට  ලන්ඩනයේ මහේස්ත්‍රාත් අධිකරණය අසාන්ජ්ට සති 50ක සිර දඬුවමක් නියම කළේය.

එහෙත් අසාන්ජ් දිගින් දිගටම පවසා සිටියේ ලිංගික අපචාර චෝදනාවට තමා නිවැරදිකරුවෙක් බවයි.

මේ අතර ඔහුගේ නීතිඥවරයාගේ ඉල්ලීම මත අදාළ චෝදනාව සම්බන්ධයෙන් යළි විමර්ශනයක් සිදු කිරීමට ස්වීඩන් බලධාරීන් තීරණය කර තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික රහස් තොරතුරු රැසක් සිය වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් ජුලියන් අසාන්ජ් ආන්දෝලනාත්මක චරිතයක් ලෙසයි ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

Read more

Local News