මුස්ලිම් සමාජය තනිවෙලාද ?

Share

මෑතකදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසුව මුස්ලිම් සමාජය තනිවීමකට ලක් වී ඇති බව දැනෙන බවත් මුස්ලිම් සමාජය බියෙන් ජීවත්වන නිසා එම බිය සැක තුරන් කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

එක්සත් ඇමරිකානු තානාපති ඇලිනා බී. ටෙප්ලිස්ට් මහත්මිය හා රවුෆ් හකීම් මහතා අතර පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

මෙම සිදුවීම පිටුපස සිටින හස්තයන් සොයා ගැනීමට රජය වැඩි අවධානයක් යොමු කරන බවත් මීට කලින් ඇති වූ යුද්ධය සහ සිදුවීම්වලට වඩා මෙම ත්‍රස්ත ක්‍රියාව වෙනස් ආකාරයේ එකක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මද්‍රසා අධ්‍යාපනයට ආගමික විෂයන්වලට අමතරව  ලොව පිළිබඳ පොදු විෂයන්ද ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් උද්ගත වී ඇති බවත්  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News