නුවන් සොයිසා අධිකරණයට

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු යැවීමේ පුහුණුකාරු තනතුරෙන් තමන් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී 2017 වසරේ පැවැති ටී-10ක්‍රිකට් තරගාවලියටශ්‍රී ලංකා කණ්ඩායම සමග එහි පුහුණුකරුවන් ලෙස සහභාගි වී සිටින අතරතුර ක්‍රිකට් තරගාවලියේ තරග ප්‍රතිඵලයට,ප්‍රගතියට, රටාවට සහ ස්වාභාවයට අනිසි ලෙස බලපෑම් කරන දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකළ චෝදනාවලින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් නුවන් සොයිසා මහතා මෙම රීට් පෙත්සම ගොනුකර ඇත.

නුවන් සොයිසා මහතා විසින් පවරන ලද මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, මානව සම්පත් ජ්‍යෙෂ්ඨ නිලධාරී ධනංජය විජේසිංහ, සභාපති ෂම්මි ද සිල්වා, උපසභාපතිවරුන් වන කේ. මතිවානන් හාරවීන් වික්‍රමරත්න,ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමනායක, උපසභාපතිවරුන් වන ක්‍රිෂාන්ත කපුවත්ත හාලලිත් රඹුක්වැල්ල,විදුලි සන්දේශ, විදේශ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු,එම අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා යන මහත්වරුන් නම් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී 2017 වසරේ පැවැති ටී-10ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සමග එහි පුහුණුකරුවන් ලෙස සහභාගි වී සිටින අතරතුර එම ක්‍රිකට් තරගාවලියේ තරග ප්‍රතිඵලයට, ප්‍රගතියට, රටාවටසහ ස්වාභාවයට අනිසි ලෙස බලපෑම් කරන දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ බවට චෝදනා කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තමන්ට චෝදනා ඉදිරිපත් කළ බව පවසන පෙත්සම්කාර ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මහතා, ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ පුහුණුකාර තනතුරෙන් අනිවාර්යනිවාඩු ගැන්වූ බවද සඳහන් කරතිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික පන්දු යැවීමේ පුහුණුකාර තනතුරෙන් තමන් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

නීතිඥවරුන් වන දුෂාන්ත කුලරත්න, ප්‍රියන්ත හේරත් සමග නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරු නුවන් සොයිසා මහතා වෙනුවෙන් අධිකරණයේදී පෙනී සිටියහ.

Read more

Local News