මැලේරියාව නැවත ව්‍යාප්තවීමේ දැඩ් අවදානමක්

Share

මැලේරියා රෝගය නැවත මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් ඇති  බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ලෝක මැලේරියා දිනය වෙනුවෙන්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(13) පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය වසරේ දී මෙම රෝගය වැළඳුණු එක් රෝගියෙක් වාර්තා වී ඇති අතර, ඉන්දියාවේ දී මෙය අසාධණය වී පැමිණ මෙරට හඳුනා ගෙන ඇති ආනයනික මැලේරියා රෝගීන් මඟින් රෝගය පැතිර ගොස් තිබු බව ද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මැලේරියා වහකයන් සිටින බවත්, සුදුසු පරිසරය ඇති බවත් පැවසු වෛද්‍යවරයා මෙම චක්‍රයට නැවතත් පැවැත්මක් ඇති වුවහොත් නැවත මැලේරියාව ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති බව ද පැවසීය.

මැලේරියා රෝගය පවතින රටවල් රැසකින් ලංකාව වට වී පවතින බවත්, ලාංකීකයන් රැසක් මෙම රටවල්වලට නිරන්තරයෙන් සංක්‍රමණය වන බවත් පැවසු විශේෂඥ වෛද්‍යවරයා, නැවත මෙම රෝගය පැතිර යෑමේ අවධානම ඉතා ඉහළ මට්ටමක ඇති බව ද සඳහන් කළේය.

Read more

Local News